පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක ඇමතුම් සංවාද හඬපට කිසිවක් මෙතෙක් සභාගත කර නොමැති බව කථානායක කරූ ජයසූරි මහතා තහවුරු කරයි.
ඔහු මේ බව කියා සිටියේ අද(24) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අඟහරුවාදා දිනයේදී එම හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කරන බවට තම විශේෂ ප්‍රකාශය අතර තුර පැවසූවද, පෙරේදා දිනය වන තෙක් ඒවා සභාගත කර නොතිබිණි.
එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබුණේ රන්ජන් රාමනායක මහතා පැවැත් වූ දුරකථ සංවාද පහලොස් දහසක් අඩංගු සීඩී තැටි 5ක් පාර්ලිමේන්තුවට ලබාදුන් බවයි.
හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළින් එල්ල වූ චෝදනාව හේතුවෙන් ඔහු ඊයේ දිනයේ දී සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබිණි.
ඒ තමා ඉදිරියේ රංජන් රාමනායක මහතා හඬ පට සංවාද ඇතුළත් සීඩී තැටි පාර්ලිමේන්තුවට භාර දුන් නමුත් පසුව ඒවා නීතිමය උපදෙස් ලැබෙන තුරු තබා ගත් බවට තමාට දැනගන්නට ලැබුණු බවයි.