රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීම සම්බන්ධයෙන් අමෙරිකාව සතුට පළ කර සිටී
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලී චං මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ය.
අගමැතිවරයා පත් කිරීම ත්, ඉක්මනින් නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම ත් පවතින අර්බුදය විසඳීමට සහ ස්ථාවරත්වයක් ගොඩ නැගීමට ගත යුතු කඩිනම් පියවර බව ද ඇය පෙන්වා දී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ථාන්විත ප්‍රගතියක් අත් කර ගැනීමට ත්, ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා ඉටු කිරීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඇති කිරීමට ත් දිරි ගන්වන බව ඇය නිකුත් කළ පණිවුඩයේ දැක්වේ.