රමේෂ් වරල්ලෙගම
මහමැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ගෙනඑන යෝජනාවකට එකඟ වීමට අගමැති රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණඩායම තීරණය කර තිබේ.
ඒ අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සියලුදෙනා පාර්ලිමේන්තු පරිශ්රයේ අද පස්වරුවේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පත්කරගැනීමට ඉඩදී අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් වන්නේද නැතිනම් මහමැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ගෙනඑන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වුණි.