ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණි.
නවදිල්ලිහිදී එම සාකච්ඡා පැවැත්වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සමග සාකච්ඡා පැවැත්වූ අතර අද පෙරවරුවේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ද හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.