ප්රබෝධා හෙට්ටිආරච්චි
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා එම පක්ෂයට පසුගිය මහමැතිවරණ ප්රතිඵලය මත ලද එකම ජාතික ලැයිස්තු මන්ත්රීධූරය සඳහා පත් කරන බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව රනිල් වික්රමසිංහ මහතා මේ මස 22 දින පාර්ලිමේන්තුවේදී මන්ත්රී ධූරයේ දිවුරුම් දීමට නියමිතය.
2020 අගෝස්තු 05 වැනිදා පැවැත්වූ මහමැතිවරණයෙන් ලද පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු අසුනට එජාපයේ අයකු පත්කිරීමට දිගු කාලයක් ගත වූ අතර එම පක්ෂයේ සාමාජිකයකු මෙලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පැමිණෙන්නේ මාස 10කට පමණ පසු ය.