නවතම පුවත්

“රාජසභාව ඩෝසර් කළ ද්‍රොහීන් වහා අල්ලන්න “

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

– එල්ලාවල නාහිමියෝ ජනපතිට-අගමැතිට කියති

කුරුණෑගල ඓතිහාසික රාජසභාව ඩෝසර් කළ අයට කුමන තරාතිරමක වුවත් ඉහළම දඬුවම දිය යුතුයැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ ජනාධිපති හා අගමැතිවරයාට කියා සිටිති.

මෙම ඓතිහාසික රාජසභාව පමණක් නොව කුමන අන්දමේ පුරාවස්තු වැනසුවත් නිසි දඬුවම් දීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් යැයිද මේධානන්ද නාහිමියෝ අවධාරණය කරති.

කුරුණෑගල ඓතිහාසික පුරවරයේ පුරාවස්තු තිබෙන්නේ අතලොස්සයි.එයින් මේ රාජසභාව ප්‍රධාන තැනක් ගන්නවා.මෙය රජවරු සතර දෙනෙක් රාජසභාව ලෙස භාවිතා කළ තැනක් බව ජනප්‍රවාදයේත් සදහන් වෙනවා.යාපහුව රාධානිය ඇදවැටිමෙන් පසු දෙවන බුවනෙකබාහු රජතමා කුරුණෑගල රාජධානිය ආරමිභ කරනවා.ඉන් පසු හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා, 2 වන බුවනෙකබාහු රජතුමා ,පස්වෙනි විජයබාහු රජතුමා කුරුණෑගල රජකරනවා.පසුව කුරුණෑගල රාජධානිය බිඳවැටිමෙන් ගම්පොල රාජධානිය ඇතිවෙනවා.

අඥාන ප්‍රාදේශිය පාලකයන් විසින් කඩාදැමු මෙම රාජසභාව රජවරු සතර දෙනෙක් නඩු ඇසීම සදහා භාවිතා කළ තැනක්.මේ ස්ථානයට මුලදි හානි කරද්දි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිලි කළත් නිසි ක්‍රියාමාර්ගයක් අරන් නැහැ.අවසානයේ සිදුවුනේ වටිනා පුරාවස්තුවක් ජාතියට අහිමිවිමයි.

මේ ආකාරයෙන්ම මාර්ග සංවර්ධනය කරන්න කියලා මන්නාරමේ මාතොට රජමහා විහාරය විනාශ කලා. අවසානයේ එහි තිබු වයිනා සෙල්ලිපි හා පුරාවස්තු කැබලි බවට පත්වෙලා පාර පුරා තිබුණා.අන්තිමට අපිට ඇහැදගන්න වුණේ ඒ වටිනා සෙල්ලිපිවල කබලි ටික විතරයි.

කුරුණෑගල රාජසභාවට කළේ විශාල අපරාධයක්.එසේම අඥාන වැඩක්.මේ ලෙස රටේ උරුමය ඩෝසර් කරන්න කාටවත් අයිතියක් නැහැ.ඒ නිසා මෙයට වගකිය යුත්තේ කුමන පක්ෂයක කෙනෙක් වුවත් කුමන ජාතියක අයෙක් වුවත් ඒ කිසිවක් නොතකා නිසි දඬුවම ලබාදිය යුතුමයි යැයි මේධානන්ද නාහිමියෝ ජනාධිපති හා අගමැතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්