නවතම පුවත්

ලොව පුරා කතුන් දරුවන් බිහිකිරීම අඩුවෙයි – අනාගතේ ජනගහනයේ දැවැන්ත අඩුවීමක්

අසංක

අසංක

ලොව පුරා කාන්තාවන් දරුවන් බිහිකරන ප්‍රමාණය කෙමෙන් පහත වැටෙමින් ඇති බවත් ඒ හේතුවෙන් මෙම ශතවර්ෂය අවසාන වනවිට ලොව ජනගහනය කැපී පෙනෙන ලෙස පහත වැටෙනු ඇති බවත් ඇමෙරිකානු විශේෂඥයින් පිරිසක් නිකුත් කර ඇති නවතම පර්යේෂණ වාර්තාවක දැක්වේ.

ඒ නුව ජපානය ස්පාඥ්ඥය ඇතුළු රටවල් 23ක ජනගහනය වසර 2100 වනවිට අඩකින් පමණ අඩුවනු ඇති බවද මෙම වාර්තාවේ දැක්වේ.

කාන්තාවක බිහිකරන දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 2.1 ට වඩා අඩුවුවහොත් , එතැන් සිට ලෝක ජනගහනයේ පහත වැටීමක් සිදුවන බවත් , මේ වනවිට ලොව පුරා රටවල් රැසකම මෙම අගය 2.1ට අඩුවෙන් පවතින බවත් මෙම වාර්තාව නිකුත් කල ඇමෙරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායම සඳහන් කර ඇත.

1950 දී මෙම අගය 4.7 ක පැවතිය නමුත් 2017 වසරේදී මෙම අගය 2.4 දක්වා පහත වැටී ඇත. එසේම 2100 වසරේදී මෙම අගය 1.7 දක්වා පහත වැටෙනු ඇති බවද වාර්තාවේ දැක්වේ.

ඒ අනුව 2064 වනවිට බිලියන 9.4 දක්වා ඉහල යන ලෝක ජනගහනය 2100 වනවිට බිලියන 8.8ක් දක්වා පහත වැටෙනු ඇති බවද වාර්තාවෙන් පෙන්වාදෙ.

මෙම තත්වයට ප්‍රධානතම හේතුව වන්නේ අධ්‍යාපනය , රැකියා කටයුතු ආදී කරුණු මුල් කරගනිමින් කාන්තාවන් දරුවන් බිහිකිරීම සීමා කිරීම වන බවද වාර්තාව මගින් පෙන්වාදී ඇත.

ජනගහනයේ අඩුවීම , බැලුබැල්මට යහපත් දෙයක් ලෙස පෙනුනද , ඒ හේතුවෙන් ඉදිරියේදී ගැටළු රැසකට ලොව මුහුණ පානු ඇති බවද වාර්තාවේ දැක්වේ.

විශේෂයෙන්ම වයස්ගත වූවන්ගේ සංඛ්‍යාව ඉහල යාම ප්‍රධානතම ගැටළුවක් වනු ඇති බවත් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සඳහන් කර ඇත.

2017 වසරේදී ලොව පුරා , වයස අවුරුදු පහට අඩු දරුවන් මිලියන 681 දෙනෙකු සිටියද , 2100 වසරේදී මිලියන 401 දක්වා පහත වැටෙනු ඇති බව ද පර්යේෂකයින් සඳහන් කර ඇත.

එසේම අවුරුදු 80 වැඩි පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2017 දී මිලියන 141 ක අගයක පැවතියද එය 2100 වනවිට මිලියන 866 දක්වා වර්ධනය වනු ඇති බවද වාර්තාවේ දැක්වේ.

මෙම තත්වය සමාජයීය හා ආර්ථික ගැටළු රැසකට මගපාදනු ඇති බවද පර්යේශක කණ්ඩායම අවධාරණය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්