නවතම පුවත්

රාජ්‍ය සේවකයන්ට 10,000ක දීමනාව ඇතුළු සියලු අයවැය යෝජනා මෙන්න..

අසංක

අසංක

රජයේ සේවකයන් හට ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසර සදහා වන අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අද (නොවැ. 13) පැවසීය.

මිලියන 1.3 වන රජයේ සේවකයන් හට දැනට හිමිවන රුපියල් 7,800 ක ජීවන වියදම් දීමනාව මේ අනුව 2024 ජනවාරියේ සිට17,800 දක්වා වැඩිවනු ඇත.

කෙසේවෙතත් මේ දීමනාව වැඩිවීම මාසික වැටුපට එකතු වන්නේ අප්‍රේල් මාසයේ සිට ය.ජනවාරි සිට මාර්තු දක්වා හිඟ මුදල ලබන වසරේ ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස හයක් තුළ ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 6,025 දක්වා 2500 කින් වැඩි කර ඇත. මෙම වැඩි වීම 2024 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන බවද ජනාධිපතිවරයා පැවසුවේය.

එමෙන්ම විශ්වවිද්‍යාල විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය පුළුල් කිරීම අරමුණු කර ගනිමින් නව විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට යෝජනා කර ඇත. එනම් සීතාවක විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාලය, කළමනාකරණ හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලය සහ ජාත්‍යන්තර දේශගුණික විපර් යාස විශ්ව විද්‍යාලය ලෙසයි.

ජනාධිපතිවරයා අද උදෑසන ඉදිරිපත් කරනු ලැබුවේ නිදහස් ශ්‍රී ලංකාවේ 78 වන අයවැය කථාවයි.

ජනාධිපතිවරයා පාර්ලිම්න්තුවට ඉදිරිපත් කළ, පිටු 206කින් සමන්විත අයවැය යෝජනා සහිත සම්පූර්ණ අයවැය කථාව පහතින් දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්