නවතම පුවත්

අයවැය කතාව අද

අසංක

අසංක

2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) ප.ව. 12.00 ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුරුව නොවැම්බර් 14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වේ.

එසේම අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි අගහරුවාදා දා ප.ව. 6.00ට පැවැත්වීමට නියමිතව ඇත.

අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19 ක් පැවැත්වේ.

මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.

2024 විසර්ජන පනතට අනුව, රජයේ සමස්ත වියදම ආසන්න වශයෙන් රු. බිලියන 7,833 ක් ලෙස ගතහැකි අතර ඉන් රජයේ සේවා වියදම් දැරීම සඳහා රු. බිලියන 3,861 ක් වෙන් කොට ඇත.

එමෙන්ම 2024 මුදල් වර්ෂය තුළ ශ්‍රී ලංකාව තුළින් හෝ බැහැරින් හෝ මුදල් ලබාගැනීමට බලය පැවරීමේ දී 2024 වර්ෂයට අදාළව ලබාගනු ලබන ණය මුදල් හි සීමාව ලෙස දක්වා ඇත්තේ රු. බිලියන 3,900 නොඉක්මවිය යුතු ලෙසටයි.

මෙම විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (පළමුවන වර කියවීම) පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ අතර ඊට අදාළ අනුමතිය පසුගිය 09 වැනිදා හිමිවිය.

2024 විසර්ජන පනත් කෙටුම්පතෙහි අඩංගු වන වියදම් ඇස්තමේන්තු සාරාංශය පහත දක්වා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්