නවතම පුවත්

රාජිතට ඇප ලබදීමට එරෙහි ප්‍රති‍ශෝධන අයදුම්පතේ නියෝගය අද

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සුදු වෑන් මගින් පුද්ගලයන් පැහැරගෙන ගියා හැයි ප්‍රකාශ කරමින් පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇපමත මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව ගොණුකර ඇති ප‍්‍රතිශෝධන අයදුම්පත පිළිබඳ නියෝගය අද ලබා දීමට නියමිතව තිබෙනවා.

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් දෙසැම්බර් මස 30 වැනි දා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇපමත මුදා හැරීමට ලබා දුන් නියෝගය දෝෂ සහිත බව පවසමින් අදාළ ප‍්‍රතිශෝධන අයදුම්පත නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇපමත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් කළ නියෝගය සංශෝධනය කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නීතිපතිවරයා සිය ප‍්‍රතිශෝධන අයදුම්පත හරහා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ. 

අදාළ ප‍්‍රතිශෝධන අයදුම්පත ඉකුත් 17 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථවේදී විනිසුරු මංජුල තිලකරත්න අදාළ නියෝගය අද (21) දිනයේ ලබා දීමට තීරණය කළා.

ඉකුත් නඩු වාරයේ අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, නීතිපතිවරයා විසින් මෙම ප‍්‍රතිශෝධන පෙත්සම ගොණු කිරීමට හේතු වූ කරුණු දැක්වූවා. 

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කරුණු දක්වමින් සඳහන් කර සිටියේ වගඋත්තරකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සම්බන්ධයෙන් සාමාන්‍ය අධිකරණ කි‍්‍රයාදාමයට පරිබාහිරව, වෛද්‍ය වාර්තා නොකැඳවා ඔහු ඇප මත මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය කටයුතු කර ඇති බවයි.

එය සාමාන්‍ය පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට පරිබාහිර කි‍්‍රයාවක් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ මෙහිදී කරණු දක්වා තිබුණා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්