නවතම පුවත්

රැකියා ලබාදිය යුතු ආකාරය ගැන ජනපති පැහැදිලි කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රාජ්‍ය ආයතනවල සභාපති, අධ්‍යක්ෂ ධුරවල සිට පහළම මට්ටමේ රැකියාව දක්වා අධ්‍යාපන තත්ත්වය සළකා බලා සුදුසු රැකියා ලබාදිය යුතු බවත් රැකියා වර්ගීකරණය වෙනුවෙන් තේරීම් මණ්ඩලයක් පත්කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම නිපුණත්වයක් අවශ්‍ය නොවන රැකියා සඳහා අධ්‍යාපන සුදුසුකම් ඇති අය යොදවා නොගෙන ඉතාම දරිද්‍රතාවයට පත් අයට එම රැකියා ලබාදීමට කටයුතු කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

අද පෙරවරුවේ නව කැබිනට් මණ්ඩලය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ සදහන් කළේය.

” අපිට විශාල අභියෝග තිබෙනවා. ඒවා ජයගන්නා අතර මහජනතාවට සේවය කරන්න ඕන. පසුගිය කාලයෙදී පවතින දේශපාලන සංස්කෘතියට මහජනතාව විශාලපිළිකුළක් දැක්වූවා. “

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

“ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අප සඳහන් කළා අපිට හැකිවන පළමු අවස්ථාවේදී මහ මැතිවරණයක් පවත්වනවා කිව්වා. අපි පිහිටුවා තිබෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක්.

මේ කාලය තුළ අපි පිහිටවූ ආණ්ඩුව ප්‍රධාන වශයෙන්ම අපි ඉදිරිපත් කළ සැලැස්මේ මූලික කරුණු ක්‍රියාත්මක කිරිම සඳහා පමණක් සීමා වුණ රජයක්. ඒ නිසා තමයි අපි 15ක කැබිනට් මණ්ඩලයක් පත්කර ගත්තේ. මහජනතාව විශාල බලාපොරෙතා්තු සහිතව තමයි අපිව ජයග්‍රහණය කෙරෙව්වේ.

අපි එයින් ඉවත්වෙලා ජනතාව බලාපොරොත්තුවන අලුත් යුගයකට යා යුතුයි. මේ කාලය තුළ අපි අපේ උපරිම හැකියාව යොදවා අපි පොරොන්දුවුණ කරුණු ක්‍රියාත්මක කිරීමට ඔබගේ සහාය බලාපොරොත්තු වෙනවා.

අපි අමාත්‍ය මණ්ඩලය 15ට සීමා කළා. ඒ අමාත්‍යවරුන් යටතේ රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීමට නියමිතය. ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කරන්න සහාය දෙන්න කියලා. මීට කලින් අත්සන ප්‍රැක්ටිස් කළා විතරයි බලයක් තිබුණේ නෑ කිව්වා. මම කියනවා අමාත්‍යවරුන්ට ඒ අයට සම්පූර්ණ සහාය දෙන්න කියලා.

මම ස්තූතිවන්ත වෙනවා මන්ත්‍රීවරු කුඩා ඇමති මණ්ඩලයක් පත්කරන්න කියලා. තරුණ මන්ත්‍රීවරුන්ටත් අවස්ථාවක් දෙනවා. අපි ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කටයුතු කරන්න. අමාත්‍ය යටතේ පවත්වා රාජ්‍ය ව්‍යවසාය පාඩු ලබන ආයතනයන් බවට පත්වෙලා තිබෙනවා.

අපි ඒවා ලාභ ලබන භාණ්ඩාගරයට බරක් නොවන අයුරින් ක්‍රියාත්මක කරන්න ඕන. ඒවායේ සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත්කිරීමේදී කාර්යය කරන්න පුළුවන් සුදුසුකම් හා වෘත්තීය දැනුම ඇති සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කළ යුතුයි.

මේ සඳහා තේරීම් මණ්ඩලයක් හරහා අපි තෝරා ගන්නවා. එවැනි නම් තිබෙනවානම් තේරීම් මණ්ඩලයට යොමුකරන්න. නිපුණත්වයක් අවශ්‍ය නොවන රැකියා දුප්පත් කමින් පහළ මට්ටමේම සිටින ජනතාව ඇබෑර්තු ලබාදෙන අයට දෙන්න. ඒ හරහා දුප්පත්කමෙන් ඉහළට ගන්න පුළුවන්.

නිපුණත්වයක් අවශ්‍ය නොවන රැකියා සඳහා අධ්‍යාපනයෙන් වැඩි අය පත්කරන්න එපා. සෑම මන්ත්‍රීවරයෙකුට මේ අවස්ථාව දෙන්න ඕන. එය ජනපති ලේකම් කාර්යාලයට ලබාදුන්නොත් අපිට පුළුවන් ඒ අයට අවශ්‍ය රැකියා දෙන්න. සඳුදා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙනවා. 19 වැනි සංශෝධනයේ සීමා ඇතුළේ තමයි අමාත්‍ය මණ්ඩලය ලබාදෙන්න පුළුවන් වෙන්නේ.

ඇමති මණ්ඩලය පත්කිරීමේදී පවා 15 දෙනෙකු තෝරා ගැනීමට අපහසුතාවක් තිබුණා. අද වඩාත් වැදගත් වන්නේ අපි ඉදිරියේ තිබන අභියෝග ජයගන්නයි. මේ සඳහා මටත් අගමැතිතුමාටත් සම්පූර්ණ සහාය දෙන්න. ඉදරි මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන්නට අවශ්‍යයි. ඒ සඳහා තමුන්නාන්සෙලාගේ සහාය ඉල්ලා සිටිනවා.”

රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීම සඳුදා දිනයේදී සිදුකරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කාර්යාලයේදී නව ඇමති මණ්ඩලය අමතමින් ඔහු මේ බව පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්