නවතම පුවත්

රැජිණ සමුගනියි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසර 70 ක් පුරා බ්‍රිතාන්‍යය කිරීටය දැරූ දෙවන එලිසබෙත් රැජිණ අද සිය දිවි සැරියට සමුදෙනවා. ඇයගේ දේහය පිළිබඳ අවමංග්‍ය උත්සවයේ කටයුතු මේවනවිටත් ලන්ඩනයේ පැවැත්වෙමින් ඇත්තේ බ්‍රිතාන්‍යය රාජකීයෙකුට  ලබාදෙන සියලු ගරුබුහුමන් ද සමගයි.
 
ඉකුත් 08 වනදා ස්කොට්ලන්තයේදී අභ්‍රාවප්‍රාප්ත වූ එලිසබෙත් රැජිනගේ දේහය දීර්ඝ ගමනකින් අනතුරුව අවසන්වරට දෙස් විදෙස් මහජන ගෞරවය සඳහා දින 02 ක් පුරා තැන්පත් කර තැබුණේ ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේයි.

අනතුරුව එරට වේලාවෙන් අද උදෑසන 10 යි 30 ට රාජකීය අවමංග්‍ය උත්සවය සඳහා දේහය වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන ආවා. ඒ, රාජකීය ගුවන් හමුදාවට අයත් කාලතුවක්කු රථයකින්.

දේහය පිටුපසින් රැජිනගේ දරුවන් මෙන්ම මුනුබුරන් හා මිනිබිරියන් ද ගමන් කළේ රාජකීය සම්ප්‍රදායට අනුවයි. රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නොහැකි වූ විශාල පිරිසක් මෙම අවස්ථාව දැක බලා ගැනීම සඳහා ලන්ඩනයේ වීථිවලට එක් රැස්ව සිටියා.

අනතුරුව ලන්ඩන් වේලාවෙන් උදෑසන 11 ට රාජකීය දේහය අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන ආ අතර ඒ වනවිටත් ලොව රටවල් රැසක රාජ්‍ය නායකයින් හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් එම දේවස්ථානය වෙත රැස්ව සිටියා. එම නායකයින් අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා යුරෝපා රටවල් රැසක නායකයින් ද වුණා.

දේහය වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථාන පරිශ්‍රයේ තැන්පත් කිරීමෙන් අනතුරුව දේවමෙහෙයන් ආරම්භ කෙරුණා.

වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවැති අවමංගල්‍ය උත්සවයේ කටයුතු අවසන් කෙරුණේ විනාඩි 02 ක නිශ්ශබ්දතාවයකින් හා බ්‍රිතාන්‍යය ජාතික ගීය වාදනය කිරීමෙන් අනතුරුවයි.

මෙම අවස්ථාව එංගලන්තයේ පිහිටි උද්‍යාන සහ පොදු ස්ථානවල පුළුල් තිර මගින් විකාශය කෙරුණු අතර විශාල පිරිසක් එම ස්ථානවලට එක්රැස්වී සිටින අයුරු ද දක්නට ලැබුණා.
 
අනතුරුව සිදුවුණේ රාජකීය දේහය වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිට බ්‍රිතාන්‍යය රජපවුලේ සංකේතයක් ලෙස සැලකෙන බකින්හැම් මාලිගය ද පසුකරමින් වෙලිංටන් චතුරස්‍රය දක්වා රැගෙන ඒමයි.

ඒ දක්වා රාජකීය ගුවන් හමුදාවට අයත් කාලතුවක්කු රථයේ රැගෙන ආ රාජකීය දේහය එහිදී අවමංග්‍යය රථයක තැන්පත් කරනු ලැබුවා. දේහය බකිංහැම් මාලිගයේ සිට සැතපුම් 20 ක් දුරින් පිහිටි වින්ඩ්සර් මාලිගය වෙත රැගෙන යන්නේ එම අවමංගල්‍යය රථයේයි.

අනතුරුව වින්ඩ්සර් මාලිගයේදී පැවැත්වෙන දේවමෙහෙයන් සඳහා රජ පවුලේ සාමාජිකයින් සහභාගී වීමට නියමිතයි. එම කටයුතු වලින් අනතුරුව දෙවන එලිසබෙත් රැජිනගේ දේහය සිය සහකරු වන පිලිප් කුමරුගේ දේහය සමගින් සාන්ත ජෝර්ජ් අනුස්මරණ දේවස්ථානයේ පිහිටි රාජකීය සොහොන් ගැබ තුළ මිහිදන් කෙරෙණු ඇති.

එය එංගලන්ත වේලාවෙන් රාත්‍රී 7 යි 30 ට පමණ සිදුකෙරෙන අතර රැජිනගේ දරුවන් පමණක් එම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි. ​ 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්