ශ්‍රී ලංකාවට මාස 8ක් තෙල් සැපයීම  සිංගප්පූරු සමාගම් 2කට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

මෙරටට අවශ්‍ය ඉන්ධන මාස 8ක කාලයක් සදහා සැපයීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගම් දෙකකට පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (01) සිට ලබන වසරේ ජනවාරි 31 දක්වා මාස 08 ක කාලයකට මෙලෙස ඉන්ධන සැපයීමට බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට එසේ කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව ඊයම් ප්‍රතිශතය 92 භාණ්ඩයේ පෙට්‍රල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ ඕවසීස් එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගමටත් ඊයම් ප්‍රතිශතය 92 ඛාණ්ඩයේ තවත් පෙට්‍රල් තොගයක් සහ සුපිරි ඩීසල් මෙරටට ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුවව සිංගප්පූරුවේ පෙට්‍රෝචයයිනා සමාගමටත් පිිරිනැමීමට නියයමිතය.