නවතම පුවත්

රුපියල් 5000හේ දීමනාව අද සිට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් අඩුආදායම් ලාභීන්ට  රුපියල් 5,000ක  දීමනාව ලබා දීම අද සිට ආරම්භවේ .

දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු හරහා මෙම දීමනාව ලබාදේ.

. මෙම දීමනා හිමිවන්නේ පවුල් ඛාණ්ඩ 07කටය. ඒ අනුව සමෘද්ධිලාභී පවුල්, අඩු ආදායම්ලාභී පවුල්, වැඩිහිටි දීමනාව ලබන පවුල්, ආබාධිත දීමනාව ලබන පවුල්, වකුගඩු දීමනාව ලබන පවුල්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පවුල් සඳහා පමණක් මෙම රුපියල් 5,000 දීමනාව හිමිවනු ඇත.

අභියාචනා ඉදිරිපත් කර සුදුසුකම් ලැබූ පවුල් සඳහාද මෙම දීමනාව ලබා දීමට නියමිතය.

මෙම දීමනාව ගෙවීමේදී ප්‍රතිලාභීන් සිටින පවුලකට එක් රුපියල් 5,000ක් පමණක් ලැබෙන පරිදි ගෙවිය යුතු බවට රජය දැනුම් දී ඇත ඒ අනුව යම් පවුලක සමෘද්ධි හිමිකම ලබන හා වැඩිහිටි දීමනාව ලැබීමට සුදුසුකම් ලබන පූද්ගලයෙක් වේ නම් එම පවුලට ගෙවිය යුතු වන්නේ එක් රුපියල් 5,000ක් පමනි .

සියලුම සමෘද්ධි නිලධාරින් අඩු ආදායම්ලාභීන් වෙත එම දීමනාව ලබා දීමේ කටයුතු සඳහා අද සිට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය .

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රතිලාභීන් ලක්ෂ 30 කට ආසන්න සංඛ්‍යාවකට එම දීමනාව ලබා දීමට නියමිත බවය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි