නවතම පුවත්

රුවන්පුර අධිවේගයේ කොන්ත්‍රාත්තුව මෙරට සමාගම්වලට

අසංක

අසංක

පසුගිය රජය සමයේ විදේශීය සමාගමකට පවරන ලද රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව, දේශීය සමාගම්වලට ලබාදීමට රජය තීරණය කර ඇත

ඒ අනුව අදාළ විදේශීය සමාගම, පසුගිය රජය සමග අත්සන් කර තිබූ ගිවිසුම අවලංගු කර දැමීමටද වත්මන් රජය තීරණය කර ඇති බව එ කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අද පැවසීය.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය, රත්නපුර, පැල්මඩුල්ල සම්බන්ධ කරමින් කිලෝමීටර 76කින් ඉදිකෙරෙන රුවන්පුර අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව එක් කොන්ත්‍රාත්කරුවකුට කිලෝමීටර 6ක් 10ක් අතර වශයෙන් දේශීය කොන්ත්‍රාත්කරුවන් 10කට පමණ භාරදීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සඳහා අවශ්‍ය මුදල් ද විදේශ අරමුදල්වලින් තොරව දේශීය අරමුදල් මගින් සපයාගැනීමට තීරණය කර තිබෙන බව ද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි