නවතම පුවත්

රුවන්වැලි මහ සෑයේ චූඩා මාණික්‍ය පැලදවීම අද

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය රුවන්වැලි මහ සෑ රදුන් මත පැලඳ වීම අද (25දා) සවස 5ත් 6ත් අතර කාලයේදී සිදුකිරීමට නියමිතය. නව චූඩා මාණික්‍ය ප්‍රදර්ශනය හා වන්දනාමාන කිරීමට තිබූ කාලය අද (25දා) දින උදෑසන 12ට අවසන් වන අතර, රන් පාදම සහිත චූඩා මාණික්‍ය දරන රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කිරීම හෙට (26දා) දින දහවල් දානමය පිංකමට පෙර සිදුකරන බව විශ්ම පාරමී පදනම සඳහන් කරයි.

එසේම  මෙහිදී සංඝයා වහන්සේලා දහසකට දානය පූජා කිරීමේ පිංකමක්ද පැවැත්වේ.

මෙම සියලු කටයුතු සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක, අටමස්ථානාධිපති, ආචාර්ය සද්ධර්ම ජෝතික ධජ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමිපාණන්ගේ හා නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලි චෛත්‍යරාමධිකාරී පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ මගපෙන්වීම යටතේ විශ්වපාරමී පදනම විසින් මෙම සියලු කටයුතු සංවිධානය කරනු ලබේ. 

එසේම වසර 80ක් පැරණි චූඩා මාණක්‍ය බැතිමතුන්ට වන්දනාමාන කිරීම උදෙසා විහාරයෙහි තැන්පත් කෙරෙන බවද විශ්ව පාරමී පදනම සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්