රුසියානු හා යුක්රේන සංචාරක වෙළඳපොළ ඉලක්ක කරගනිමින් සුවිශේෂී මාධ්‍ය ප්‍රචාරණ වැඩසටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සංචරණය පියවර ගෙන ඇත .
මේ යටතේ එම රටවල්වල ප්‍රධාන පෙලේ සංචාරක මාධ්‍යවේදීන් , නව මාධ්‍ය ක්‍රියාකාරී කණ්ඩායම් මෙරටට ගෙන්වීමටත් , ඔවුන්ට පහසුකම් සැලසීමටත් ශ්‍රී ලංකා සංචරණය මේ වනවිටත් කටයුතු යොදා ඇත ,
විශේෂයෙන්ම එළඹෙන ශීත ඍතු නිවාඩු සමය ඉලක්ක කොට , රුසියානු කලාපයේ සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙම ප්‍රචාරණ වැඩසටහන දියත්කර ඇත .
නොවැම්බර් හා දෙසැම්බර් මාස තුල ක්‍රියාත්මක මෙම මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන සඳහා එක්කරගෙන ඇති රුසියානු කලාපයේ සංචාරක මාධ්‍යවේදීන් හා නව මාධ්‍ය ක්‍රියාකාරීන්හට, මිලියන 12කට අධික ප්‍රේක්‍ෂක , හා පාඨක පිරිසක් ආවරණය කල හැකි බවට ගණන් බලා ඇත .
ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැංවීම සඳහා ගනු ලබන ඉතා වැදගත් ක්‍රමෝපායික පියවරක් ලෙස මෙම ප්‍රවර්ධන වැඩසටහන නම් කල හැකි බව ශ්‍රී ලංකා සංචරණය පවසයි .
කොවිඩ් වසංගතය සමග ලොව පුරා සංචාරකයින්ද ” නව සාමාන්‍යයකට ” හුරුවී ඇති බවත් , එම නව සාමන්‍යයයේ රටාවන්ට ගැලපෙන හා අනුගත වන ලෙස මෙම නව ප්‍රවර්ධන වැඩසටහන් සැලසුම් කර ඇති බවත් ශ්‍රී ලංකා සංචරණයේ ප්‍රකාශකයකු අප වෙත පැවසීය .
විශේෂයෙන්ම මේ වනවිට බොහෝ සංචාරකයින් තම සංචාරක ගමනාන්ත පිලිබඳව තීරණයන් ගනු ලබන්නේ අවසන් මොහොතේ බවත් , එම මොහොතේ ලොව තුල පවතින කොවිඩ් තත්වයන් , සංචරණ සීමා ආදිය සලකා බලා ඔවුන් එම තීරණයන් ගනු ලබන බවත් ශ්‍රී ලංකා සංචරණය පවසයි .
මෙම ශීත සමය වෙනුවෙන් ප්‍රවර්ධන වැඩසටහන්, මේ මොහොතේ ආරම්භ කලේ, ඒ රටාවන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුවවන බවද ” ශ්‍රී ලංකා සංචාරණයේ ප්‍රකාශකය අප වෙත පැවසීය .
රුසියානු කලාපයේ සංචාරකයින් මේ වනවිට ලෝක සංචාරක කර්මාන්තයේ ඉතා වැදගත් ස්ථානයක් හිමිකර ගෙන ඇති අතර ‘VISA” ජාත්‍යන්තර ගෙවීම් ආයතනයේ දත්තයන්ට අනුව 2016 , 2017 වසරවලදී රුසියානු කලාපයේ සංචාරකයින් , තම සංචාරවලදී දිනකට වැයකරන මුදල යුරෝපීය සංචාරකයින්ටද වඩා ඉහල මට්ටමක පැවතී ඇත .
ශ්‍රී ලංකා සංචාරණයේ ප්‍රවර්ධන වැඩසටහන යටතේ මෙම රුසියානු කලාපීය සංචාරක මාධ්‍යවේදීන් කණ්ඩායම පසුගිය නොවැම්බර් 21 දින මෙරටට පැමිණි අතර ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත් සංචාරක ප්‍රකාශනවල මාධ්‍යවේදීන් , ලේඛකයින් , සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් , සංචාරක යූ ටියුබ් චැනල හිමිකුවන් , නිර්මානශිල්පීන් , එම කණ්ඩායමට ඇතුලත්විය
මෙම කණ්ඩායමට එක්වුණු සුප්‍රසිද්ධ සංචාරක මාධ්‍ය හා නව මාධ්‍ය කිහිපයක් පහත දැක්වේ .
Vogue- Ukraine :https://vogue.ua/,
Harper’s Bazzar- Russia: https://bazaar.ru/ ,
Total Escape- Ukraine: https://escapemgz.com/
Areoflot Inflight Magazine- Russia https://www.aeroflot.ru/ruen/information/onboard/entertainment
යුක්රේනයේ සංචාරක බ්ලොග් රචිකාවියක වන යානා යුසිපාවා ද මෙම කණ්ඩායමට එක්වූ අතර ඇයට දැනට ප්‍රේක්ෂකයින් ලක්ෂ පහකට අධික පිරිසක් සිටී , ඇය මෙම වැඩසටහන ගැන පැවසුවේ මෙවන් අදහසකි .
ශ්‍රී ලංකාව මෙතරම් සුන්දර රටක් බව මම මෙතෙක් දැනගෙන හිටියේ නැහැ , මම මේ සුන්දරත්වයෙන් පිරුණු සංචාරක පාරාදීසය ගැන ඉදිරියේදී ලොවටම කියනවා
Aeoflot In-flight සඟරාවේ සංචාරක අධ්‍යක්ෂක . Maria Alikhanova Golikova මහත්මිය මෙම වැඩසටහන පිළිබඳව මාධ්‍ය වෙත මෙසේ පැවසීය
දැනට රුසියානු කලාපයේ ජනප්‍රිය වී ඇත්තේ ඉතාලිය , බලි දූපත් , තුර්කිය වැනි සංචාරක ගමන්නතයි , නමුත් මෙවැනි ප්‍රවර්ධන වැඩසටහන් හරහා ඉදිරියේදී ශ්‍රී ලංකා ව රුසියාන කලාපයේ ජනප්‍රියතම සංචාරක ගමනාන්තයක් කල හැකියි . විශේෂයෙන්ම දැන් පවතින් ගුවන් සේවා පහසුකම් මත එඅ ඉක්මනින්ම ලඟා කර ගත හැකි ඉලක්කයක් ,
යුක්රේනයේ Ukrainian travel සඟරාවේ සංස්කාරක මරියා කුදිමොවා මහත්මිය පැවසුවේ ශ්‍රී ලංකාව සතු ඉතාමත් සුන්දර මුහුදු තීරයන් , ස්වභාව සෞන්දර්යය ,සමග යුක්රේනයේ ජනප්‍රියතම සංචාරක ගමනාන්තය බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇති බවයි
රුසියාවේ La Bibliotheque සංචරක ප්‍රකාෂණයේ මහජන සම්භාන්ධිකාරක නිලධාරිනි යිලියා මාර්කොවිචිනා ( Ms Yulia Markovchina) පැවසුවේ ශ්‍රී ලංකාවේ ඇති සුන්දරත්වය පිළිබඳව මෙන්ම මෙරට ඇති පහසුකම් පිලිබඳ රුසියානු කලාපයේ ඉහල පෙලේ සංචාරකයින් තුල නිවැරදි හා සම්පූර්ණ අවබෝධයක් තවමත් ගොඩනැගී නොමැති බවයි .
කෙසේ වෙතත් මෙවැනි ප්‍රවර්ධන වැඩසටහන් ස සමග ඒ පිළිබඳව ඔවුන් දනුවත්වනු ඇති බවත් ඒ හරහා මෙරටට රුසියානු කලාපයේ සංචාරකයින් ගලා එනු ඇති බවත් ඇය අනුමාන කලාය .
මෙම සංචාරක මාධ්‍යවේදීන් මෙරට කොග්ගල , දික්වෙල්ල යාල නුවරඑලිය නුවර , හබරණ ,ගාල්ල ආදී ප්‍රදේශ රැසක සංචාරය කල අතර ඒ සියලු සංචාරයන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැලසීම ශ්‍රී ලංකා සංචාරණයෙන් සිදුකෙරිණ .
\