නවතම පුවත්

රුසියාව අප්‍රසාදය පළකරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එරොෆ්ලෝට් ගුවන් සමාගමේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානයක් ශ්‍රී ලංකා බලධාරීන් රඳවා තබා ගැනීම පිළිබඳව රුසියාව සිය විරෝධතාව ඊයේ(03) ප්‍රකාශ කළේය.

මොස්කව් හි ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ඊයේ (03) රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවීමක් කර තිබූ අතර එහිදී රුසියානු රජය සිය විරෝධතාව පළ කර ඇත.

“ශ්‍රී ලංකාව සහ රුසියාව අතර මිත්‍රශීලි ද්විපාර්ශ්වික සබඳතා වලට අහිතකර බලපෑමක් එල්ල වෙන්න කලින් අපි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා හැකි ඉක්මණින් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න කියලා ” යැයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළ බව රුසියානු ටාස් පුවත් සේවය වාර්තා කළේය.

මොස්කව් හි ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ඊයේ(03) රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයට ගිය අවස්ථාවේ කොළඹ සිට මොස්කව් බලා පිටත් වීමට සූදානම් වූ එරොෆ්ලෝට් වාණිජ ගුවන් යානයක් රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් ගත් පදනම් විරහිත තීරණය සම්බන්ධයෙන් රුසියානු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානියා විරෝධය පළ කළ බව රුසියානු මාධ්‍ය වාර්තා කළේය.

රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රදවා තබා ගැනීමක් සිදු නොකරන බවට ලිඛිත එකඟතාවයක් ද පළ කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්