රුසියාව නව මිසයිල පද්ධතියක් සැකසීම අරඹයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රුසියාව නව මිසයිල පද්ධතියක් සැකසීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මධ්‍යම පරාස න්‍යෂ්ටික බල ප්‍රඥප්තියෙන් ඇමෙරිකාව මෙන්ම රුසියාවද මෑතකදී ඉවත් වූ අතර, මේ සමගම ඔවුන් මෙම නව පියවර ගැනීමට සූදානම් වන බව පැවසෙයි.

පසුගිය සතියේදී තමන් මෙම ප්‍රඥප්තියෙන් ඉවත්වන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.

එමෙන්ම, රුසියාව මෙම ප්‍රඥප්තිය කඩ කරන බවට ඇමෙරිකාව නිරන්තරයෙන් චෝදනා කළ අතර, පසුව ඇමෙරිකාව ඉන් ඉවත්වීමෙන් අනතුරුව රුසියාවද ඉන් ඉවත් විය.

මෙම පියවර හේතුවෙන් ලෝකයේ යුද ශක්තිය වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් අලුත් තරගයක් ඇතිවී තිබෙන බව දේශපාලන විචාරකයෝ පවසති.

රුසියාව රුසියාව නව මිසයිල පද්ධතියක් සැකසීම සදහා ගිවිසුමක
රුසියාව රුසියාව නව මිසයිල පද්ධතියක් සැකසීම සදහා ගිවිසුමක