කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මේ වනවිට පවතින Aeroflot මගී ගුවන් යානය පිළිබඳ තවමත් අධිකරණයේ අවසන් තීරණය අපේක්ෂාවෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම මේ පිළිබඳ සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ද සාකච්ඡා කෙරෙමින් පවතින බව විදේශ කටයුුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.
Aeroflot මගී ගුවන් යානා SU-289 ගුවන් යානය පසුගිය 2 වන දින බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන්ගත වීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම නිසා දැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) රඳවා ඇත.