පෞද්ගලික අංශයේ රෝහල් සහ රසායනාගරවලින් කෙරෙන රුධිර පරීක්ෂා සඳහා රුපියල් 2000-2500ක් දක්වා අයකෙරෙන අධික මිල ගණන් රුපියල් 500ක උපරිමයකට යටත් කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය හා පාරිභෝගික අධිකාරිය විසින් ඊට අදාළ ගැසට් පත්‍රය ලබන සතියේ නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
ඩෙංගු ඇතුළු රෝග කිහිපයක් සඳහා රුධිර පරීක්ෂාව වෙනුවෙන් පෞද්ගලික අංශ රසායනාගාර හා පෞද්ගලික රෝහල් විසින් රුපියල් 2500ක් දක්වා මුදලක් අය කළද සැබෑ ලෙස වැය වන මුදල රුපියල් 500ක් බැවින් රෝගීන්ට සිදුවන අසාධාරණය නැවැත්වීමට මෙම පියවර ගෙන තිබේ.