නවතම පුවත්

රෝබෝ තාක්ෂණයෙන් හදන සේලයින් බෝතල් යුරෝපයට යවන්න සැලසුම්

අසංක

අසංක

පල්ලකැලේ පිහිටි රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක සේලයින් බෝතල් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදන වෙනුවෙන් යුරෝපා තත්ත්ව සහතිකය ලබාගැනීමට එහි කළමණාකාරීත්වය සැලසුම්කර තිබේ.

එම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලයේ ස්ථාපිත මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් රොබෝ තාක්ෂණයෙන් පැය විසිහතර පුරා ක්‍රියාත්මකය.

මෙමඟින් සෘජු රැකියා අවස්ථා 280ක් හිමිවී ඇත. අමතර සේවා දායකයන් වශයෙක් 325 දෙනෙකු සඳහා වක්‍ර රැකියා අවස්ථා හිමිවී ඇත.

රුපියල් බිලියන 09ක වියදමින් ඉදිකර ඇති මෙම නිෂ්පාදනාගාරය සේලයින් බෝතල් මිලියන 55ක වාර්ෂික නිෂ්පාදනයකින් යුක්තය.

මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික සේලයින් අවශ්‍යතාව බෝතල් මිලියන 15කි.

දේශීය අවශ්‍යතාව මෙම කර්මාන්ත ශාලාවෙන් සපුරා ගැනීමට රජයේ අවධානය යොමුවී තිබේ.

දැනට මෙහි කරනු ලබන නිෂ්පාදන අපනයනය කරයි. යුරෝපා වෙළඳපොළ ජයගැනීම වෙනුවෙන් ඒ සඳහා තතත්ව සහතිකය ලබාගැනීමට අපේක්ෂා කෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්