නවතම පුවත්

ලොව ආහාර මිල උද්ධමනය වැඩිම රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

අසංක

අසංක

ලෝකයේ ආහාර මිල අතින් වැඩිම උද්ධමනයක් ඇති රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ.

ඒ ලෝක බැංකුව විසින් කරන ලද නවතම තක්සේරුවකිනි.

ලොව වැඩිම ආහාර මිල උද්ධමනයක් ඇති රටවල් 10 ලැයිස්තුවේ ශ්‍රී ලංකාව සිටින්නේ 5 වැනි ස්ථානයටයි.

එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට ඉහළින් පිළිවෙළින් ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව, තුර්කිය යන රටවල් ලැයිස්තුගත වී ඇත.

ශ්‍රී ලංකාවට පසුව වැඩිම ආහාර මිල උද්ධමනයක් ඇති රටවල් වන්නේ පිළිවෙළින් ඉරානය, ආර්ජන්ටිනාව, සුරිනේමය, ඉතියෝපියාව සහ මෝල්ඩෝවා රාජ්‍යයන් ය.

ඉහළ ආහාර මිල මේ වනවිට ගෝලීය අර්බුදයක් දක්වා උඩුදුවා ඇත.

එය තවත් මිලියන ගණනක් අන්ත දරිද්‍රතාවයට, කුසගින්න සහ මන්දපෝෂණයට තල්ලු කරනු ඇති බව ලෝක බැංකුව මේ පිළිබඳ නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්