රෝයල්පාක් ඝාතකයාට ජනපති සමාව දීමේ තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලේ.
ජනාධිපතිවරණයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට අපේක්ෂා කරන බව පෙත්සම්කරුවන් පවසයි.
ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ එම පෙත්සම සළකා බැලීමට නියමිත ය.
මරණ දඬුවම ලැබු අයෙකු නිදහස් කිරීමට ජනාධිපතිවරයෙකුට බලය පැවරී ඇත.
එහෙත් නීතියේ අධිපත්‍යයට පිටුපා එම බලය ක්‍රියාවේ යෙදවිමේ හැකියාවක් නැතැයි පෙත්සම්කරුවන් සදහන් කරයි.