රෝයල්පාක් මිනීමැරුමට මරණීය දඬුවම් ලබා ජනාධිපති සමාව ලබා නිදහස් වූ ජූඩ් ශ්‍රමන්ත ජයමාන්නට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ මෙම පෙත්සම අද විභාගයට ගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුවයි.
මරණීය දණ්ඩනය ලබා සිටින සිරකරුවන් දහසකට අධික පිරිසක් අතුරෙන් මෙම නඩුවට පාදක වන පුද්ගලයා පමණක් තෝරාගෙන සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව පැමිණිලි පාර්ශ්වයේ නීතිඥයා අධිකරණය වෙත කරුණු දැක්වීය.
ජයමහ නමැත්තා මේ වන විට විදේශගත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
විනිසුරු මඩුල්ල විසින් පෙත්සම නැවත දෙසැම්බර් මස 09 වනදා කැඳවීමට නියම කළේය.
ජයමහ නමැත්තා විදේශගතවීම වලක්වාලමින් ලබන 10 තෙක් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම වග උත්තරකරුවන් ලෙස නම් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.
කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.