ලංකාවට එන්න වීසා දෙන්න චීන ඒජන්සියකට අවසර දෙයි

Picture of අසංක

අසංක

චීන සංචාරකයින්ට මෙරට වීසා ලබාගැනීමේ කටයුතු සඳහා චීනයේ ෂැංහයි පිහිටි සීමා සහිත ට්‍රැවල්සන් ඉන්ටර්නැෂනල් ට්‍රැවල් සර්විස් සමාගමේ සේවය ලබාගැනීමට රජය අවසර දී ඇත.

චීන සංචාරකයින් මෙරටට පැමිණීමේදී , අන්තර්ජාලය හරහා ගමන් අවසර ලබා දීමේ ක්‍රමවේදය දැනට ඉංග්‍රසි භාෂාවෙන් පමණක් ක්‍රියාත්මක හෙයින් ඉන්ඔවුන්ට සිදුවන අපහසුතාව මගහැරීමට මෙම නව ක්‍රියාමාර්ගය රජය ගෙන ඇත.

ඒ අනුව චීන සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණිමේ දී වීසා ලබාගැනීම සඳහා ඔවුන්ට සහාය වීමට චීන පෞද්ගලික නියෝජිතායතනයකට අවසරය හිමිවේ.