ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය එරට වැසියන්ට නිකුත් කර තිබූ සංචාරක තහනම ඉවත් කර ගෙන ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය සමග අමාත්‍යාංශ ලේකම්වරයා කළ සාකච්ඡාවකින් අනතුරුව එය ඉවත්කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටී.
අත්‍යවශ්‍ය කාරණයකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි එරට වැසියන්ට දැනුම් දෙන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාල නිල ට්විටර් ගිණුමේ පසුගිය දා සටහන් කර තිබුණි