ඇෆ්ගන්-තලේබාන් ගැටුම වාර්තාකරණයේ යෙදි සිටියදී, රොයිටර් පුවත් සේවයේ ඡායාරූප මාධ්‍යවේදී දනීෂ් සිද්ධිඛි ඇෆ්ගනිස්ථානයේ කන්දහාර්හිදී ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.
එම ඡායාරූප මාධ්‍යවේදියා 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු ශ්‍රී ලංකාවේ සිදුවීම් කිහිපයක් ද සිද්ධිඛි විසින් ආවරණය කර ඇත. ඔහු සිය ඡායාරූපකරණය ඔස්සේ පුලිට්සර් ත්‍යාගලාභියකු වූ ඉන්දියානු ජාතිකයෙකි.
කෙසේවෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් තවමත් වැඩි විස්තර ලබාදී නැති බව විදෙස් වාර්තා පැවැසීය.
ඇෆ්ගන් ආරක්ෂක අංශ සමඟ වාර්තාකරණයේ යෙදෙමින් සිටි ඔහුගේ ඝාතනය පිළිබද ඇෆ්ගනිස්ථාන තානාපති ෆරීඩ් මාමුන්ඩ්සේ විසින් තහවුරු කර ඇත.
“ඊයේ රාත්‍රියේ කන්දහාර්හිදී දනීෂ් සිද්ධිඛි නම් මිතුරෙකු ඝාතනය කිරීම පිළිබඳ කනගාටුදායක ආරංචිය ගැන දැඩි සේ කම්පාවට පත්විමු. පුලිට්සර් ත්‍යාගලාභී මෙම ඉන්දීය ජනමාධ්‍යවේදියා ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සමඟ සම්බන්ධ වි වාර්තාකරණයේ යෙදෙමින් සිට තිබේ. ඔහු කාබුල් බලා පිටත්ව යාමට සති 2 කට පෙර මට ඔහුව හමු විය. ඔහුගේ පවුලේ අයට සහ රොයිටර් පුවත්පතට ශෝකය ප්‍රකාශ කරමි.” යනුවෙන් ඇෆ්ගන් තානාපතිවරයා පවසා ඇත.
ඇෆ්ගනිස්ථාන හමුදාවේ වාහන, රොකට් ප්‍රහාර එල්ල කිරීම්වල ඉලක්ක වූ ආකාරය දැක්වෙන ග්‍රැෆික් රූප ද ඔහුගේ වාර්තාවලට ඇතුළත් විය.
ජුලි 10 වන දින ඉන්දියාවේ ගුවන් හමුදා ගුවන් යානයකින් කන්දහාර් හි කොන්සල් කාර්යාලයෙන් තානාපතිවරුන්, සහායක කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක නිලධාරීන් 50 දෙනෙකු පමණ ඉන්දියාවෙන් ඉවත් කර තිබුණේ පැවැති අවදානම සැළකිල්ලට ගෙන ය.
මෙරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ආවරණය කළ ඡායාරූප වාර්තාවක් මෙතැනින්.