ලංකාවේ අන්තර්ජාල වේගය ඉන්දියාවේ වේගයට වඩා වැඩි වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඕක්ලා ජාත්‍යන්තර සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම ‘ස්පීඩ්ටෙස්ට් ගෝලීය දර්ශකය’ අනුව පසුගිය අගෝස්තු මාසය වනවිට ශ්‍රී ලංකාවේ ජංගම අන්තර්ජාල වේගය ඉන්දියාවේ ජංගම අන්තර්ජාල වේගය අභිබවා ඇත/ මෙම ගෝලීය තාක්තාෂණික දර්ක්ෂශකයට පාදක වූ රටවල් 145 න් 131 වන ස්ථානය ඉන්දියාවට හිමිව ඇති අතර ශ්‍රී ලංකාව 83 වන ස්ථානයට පත්වි ඇත.. ජංගම දුරකථන අන්තර්ජාල වේගය 111 Mbps (තත්පරයට මෙගාබිට්) සමඟ දකුණු කොරියාව ඉහළින්ම සිටින අතර ඕස්ට්‍රේලියාවේ පවතින ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ වන අතර එය 66.45Mbps සමඟ දෙවන ස්ථානයට පත්විය. කටාර්, නෝර්වේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිළිවෙලින් 65.62 Mbps, 65.35Mbps සහ 64.11Mbps වේගයකින් තෙවන, සිව්වන සහ පස්වන ස්ථාන ලබා ගත්හ. එක්සත් ජනපදයට ඉහළම රටවල් 10 අතර ස්ථානයක් ලබා ගත නොහැකි අතර සාමාන්‍ය වේගය 36.23Mbps වේගයකින් 35 වන ස්ථානයට පත්ව ඇති බව වාර්තාවේ දැක්වේ.