නවතම පුවත්

හෙට රෑ තෙක් අධික වැසි – පනස්දාහක් දැනටත් අමාරුවේ

අසංක

අසංක

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 5ක පවුල් 12109ක පුද්ගලයින් 48,560 කට පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගාල්ල, මාතර, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව තිබේ.

අත්තනගලු ඔය අද(24) පස්වරු 3 පමණ වන විට සුළු ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියාසිටියේය.

අත්තනගලු ඔය ඉහළ ප්‍රදේශයට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය නිසා එහි පහළ බෑවුම් අසල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු වේ.

අත්තනගලු ඔයේ දූනමලේ ජල මිනුම් ඒකකයේ ජලමට්ටම මීටර 3.61ක් ලෙස සටහන් වෙයි.

සුළු ගංවතුර තත්ත්වයකදී එය මීටර 4.40 ක් ලෙස සටහන් වේ.

හෙට (25) රාත්‍රිය තෙක් මේවනවිට අධික වැසි පතිතවන ප්‍රදේශවලට මිලිමීටර් 200ක් පමණ වන වැසි තවදුරටත් ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්