ලංකාවේ ආර්ථිකය තවත් කඩාවැටෙයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මෙම වසර අවසාන වන විට සියයට 2.7ක් දක්වා පහල බසිනු ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය දකුණු ආසියානු රටවල් 8 අතරින් 7 වන ස්ථානයට පත්වන බවත් නවතම ලෝක බැංකු වාර්තාවක් පෙන්වාදෙ .

මෙම වාර්තාවේ ඇස්තමේන්තුගත කිරීම්වලට 2019 වසරේ දී මෙම දකුණු ආසියා කලාපය තුළ ඉහළම ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරනු ලබන රට වන්නේ බංග්ලාදේශයයි. එය 8.1%කි. නේපාලය 7.1% ක් හා ඉන්දියාව 6%ක් වශයෙන් මෙම ලැයිස්තුවේ පෙරමුණේ සිටින අනෙකුත් රටවල් වේ.

දකුණු ආසියානු කලාපයේ පහළම වර්ධනයක් තිබෙන රට බවට ලෝක බැංකුව ඇෆ්ගනිස්ථානය නම් කර ඇත්තේ 2019 වර්ෂයේ දී 2.5% ක ආර්ථික වර්ධනයක් අත්පත් කර ගනු ඇතැයි යන පුරෝකථනය තුළ සිටිමිනි.

ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ ඇෆ්ගනිස්තානයට පමණක් ඉදිරියෙන් සිටිනුයේ 2.7% ක මූර්ත දළ ජාතික නිෂ්පාදික වර්ධනයක් ඇතිවය. මෙහි ඇති විශේෂත්වය වනුයේ 2018 වසරේ දී මෙම අගය 3.2% ක් ලෙසින් වාර්තා වීමත් පෙර වර්ෂයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මෙම වසරේ දී අඩාල වී තිබීමත් හේතුකොට ගෙනය.