ලංකාවේ ආර්ථික වර්ධන වේගය ගැන IMF කියන අනාවැකිය

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මෙම 2019 වසර තුල 3.5 % අගයක් ගනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.

ඉහළ මට්ටමක පවතින රාජ්‍ය ණය, විශාල වශයෙන් ප්‍රතිමූල්‍යයනය අවශ්‍ය වීම සහ පහළ මට්ටමක පවතින සංචිත හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් අහිතකර කම්පනවල ගොදුරක් බවට පත්ව ඇති බවද මෙම වාර්තාව පෙන්වාදේ .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන ලද පස්වන සමාලෝචනයට අදාලව මෙම වාර්තාව නිකුත් කර ඇත.