නවතම පුවත්

ලංකාවේ ණය අර්බුදය විසඳන්න උපරිම උත්සාහයක් ගන්නවා -IMF

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණදෙන රටවලට විසඳුමක් ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බව එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජියේවා මහත්මිය පවසන්නීය.

අමෙරිකානු CBS රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන පරිදි අඩුආදායම්ලාභී රටවල් රැසක් ණය අර්බුදයට මුහුණදීම ගෝලීය මූල්‍ය අර්බුදයට කොතරම් දුරට බලපෑමක් ඇති කරාවිද ?

ක්‍රිස්ටලිනා ජෝජියේවා,-

“මේ වනතුරු මෙම රටවල් මුහුණදෙන ණය අර්බුදය ගෝලීය අර්බුදයක් නිර්මාණය කිරීමට තරම් කැපී පෙනෙන මට්ටමට පැමිණ නැහැ. ඉතින් ඒ රටවල් මොනවාද යන්න විමසා බැලුවොත් චැඩ්, ඉතියෝපියාව, සැම්බියාව, ඝානාව, ලෙබනනය, සුරිනාම් සහ ශ්‍රී ලංකාව මෙලෙස දැඩි ණය අර්බුදයකට මුහුණ දෙනවා. එම රටවල ජනතාවට අපට කිවහැක්කේ, අප ඒ සඳහා විසඳුම් සොයන බවයි. කෙසේනමුත් එය ගෝලීයව පැතිරීමේ තත්ත්වයක් දැනට දක්නට නැහැ. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටවලින් 25%ක් පමණ මෙලෙස ණය අර්බුද කරා යොමුවන බව පෙනෙන්නේ. මේ විදියට මෙම රටවල් ලැයිස්තුව වර්ධනය වුවහොත් එය ගෝලීය අර්බුදයක් බවට පත්වීමේ අවදානමක් පවතිනවා. ඒ නිසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය අර්බුදයට විසඳුමක් ගෙන ඒම සඳහා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන්නේ. ඒ සඳහා අපි පැරිස් සමාජය වැනි සාම්ප්‍රදායික ණයහිමියන් සමග වගේම චීනය, ඉන්දියාව, සෞදි අරාබිය වැනි සාම්ප්‍රදායික නොවන ණය හිමියන් සමග ද කටයුතු කරනවා. ඔවුන්ට අපේ පණිවුඩය සරලයි. ඒ ඊට හැකි ඉක්මනින් විසඳුමක් ලබාදිය යුතු බවයි.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්