නවතම පුවත්

ලංකාවේ හදන්න යන පන්සලක් ගැන ඉන්දීය ආණ්ඩු-විපක්ෂ මතභේදයක

අසංක

අසංක

මෙරට ඉදිකිරීමට නියමිත සීතා මාතා විහාරය සම්බන්ධයෙන් ඉන්දියාවේ පාලක කොංග්‍රස් පක්ෂය සහ විපක්ෂ භාරතීය ජනතා පක්ෂය අතර විවාදාත්මක තත්ත්වයක් හටගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

2010 වසරේදී භාරතීය ජනතා පක්ෂ රජයේ ශිවරාජ් සිං චවුහාන් විසින් මෙරට රජයේ එකගත්වය ලබාගෙන සීතා මාතා විහාරය ඉදිකරන බවට නිවේදනය කර තිබුණි.

එහෙත් වසර 6ක් යනතුරු එය පොරොන්දුවකට පමණක් සීමා වී තිබූ අතර එවක රජයට ඉන්දීය රුපියල් කෝටියක් විහාරය ඉදිකිරීම සදහා වෙන්කිරීම හැර සැලසුම් කළ පරිදි කිසිවක් කිරීමට නොහැකි විය.

2016 වසරේදී චවුහාන් මහාමාත්‍යවරයාගේ නිලධාරීන් කණ්ඩායමක් ලංකාවට පැමිණ නුවරඑළියේ සිට කිලෝමීටර් 15ක් දුරින් පිහිටි දිවුරුම්පොළ විහාරයේ එම ස්ථානය පරීක්ෂා කර තිබූ අතර මෙරට රජයෙන් අවශ්‍ය අවසරය ලබාගෙන තිබුණි.

වත්මන් ආගමික කටයුතු අමාත්‍ය පී.සී. ශර්මා පවසා තිබුණේ භාරතීය ජනතා පක්ෂයට එය ඉදිකිරීමට නොහැකි වූ බවත් වත්මන් කොංග්‍රස් රජය එය ඉදිරියට ගෙනයමින් පොරොන්දුව ඉටුකිරීමට කටයුතු කරන බවත් ය.

මේ පිළිබද ඊයේ දෙපාර්ශ්වය අතර උණුසුම් විවාදයක් පැවැති අතර අවසානයේ කොංග්‍රස් පක්ෂය සදහන් කර තිබුණේ මහාමාත්‍ය කමල් නාත්ගේ නිලධාරීන් කණ්ඩායමක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට යවා පොරොන්දුවකින් එහා ගොස් ඉදිරි කටයුතු සිදුකරන බවයි.

දිවුරුම්පොළ විහාරය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි