නවතම පුවත්

විහාර සිතුවම් කලාවට පණ පොවන අනුරාධපුරයෙන් බිහි වූ චිත්‍ර කලා ගුරුවරිය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දවසක් ජාතික වැඩකටයුත්තකට යන අතරතුර මට අපූරු ගුරුවරියක් මුණ ගැහැනෙවා. ලොකු වයසකුත් නෑ ඒවගේම ඇය මගේ කලක ඉදලා මුහුණු පොතේ මිතුරියක් එදා අපි කත බහ කරපු රට තොටේ විස්තර එක්කම ඇයට තිබෙන සුවිශේෂි කලා හැකියාව ගැනත් කතා බහ කරනවා.

ඊට ටික කාලයකට පසුව පසුගිය දිනෙක මම ඇයට කතා කරනවා ඒකට හේතුව ඇගේ හැකියාව හා දක්ෂතාවය ගැන ලිපියක් ලියන්න මම දන්න තරමින් ඇය තමයි විහාර සිතුවම් කලාවට පණ පොවන එකම කලා ගුරුවරිය සහ කාන්තාව.

ඇය නමින් චාමිනි වීරසූරිය මේ ඇගේ කතාවයි. අපි ඇගෙන් අහමු

චාමිනි දැන් ඉන්නේ කොහේද ? ඔබේ පෞද්ගලික තොරතුරු කියලම අපි කතා කරමු

මන් පදිංචි වෙලා ඉන්නෙ අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ . සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තෙ කලත්තෑව මහ විද්‍යාලයේ . පාසලේ හොදම සාමාන්‍ය පෙළ ප්‍ර්තිඵලය ලබාගෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ඇතුල්වෙන්න මට අවස්ථාව ලැබුන. එහිදි චිත්‍ර විශය ඇතුලුව කලා විශය ධාරාවන් තමයි උසස් පෙළට හැදෑරුවෙ. 2009 වසරෙ උසස් පෙළින් දිස්ත්‍රික් කුසලතාවය 8 ලබාගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුල් වුනා. එහිදි ලලිත කලා විශේෂවේදී උපාධිය සම්පූර්ණ කරා. මේ වෙද්දි කැළණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා පශ්චාත් උපාධිය හදාරමින් ඉන්නව.ඒ වගේම අනුරාධපුර නාච්චදූව සිංහල මහ විද්‍යාලයේ 6-13 ශේණි සදහා චිත්‍ර විශය භාර ගුරුවරියක ලෙසත් සේවය කරනව.

විහාර සිතුවම් කලාව ගැන කිව්වොත් ?

විහාර චිත්‍ර , මූර්ති ,කැටයම් , මියුරල් , ice carving , vegetable carving , ගොක් නිර්මාණ ,ආලේඛ්‍ය චිත්‍ර , කාටුන් චිත්‍ර යන හැම අංශයකින්ම මම නිර්මාණකරණයේ යෙදෙනව. මේ කලාව මට උපතින්ම ලැබුණු හැකියාවක්.පුංචි කාලෙ ඉදලම මන් කලාවට ගොඩක් ආස කල ආදාරේ කල සහ කලාව රස විදින කෙනෙක්.

මම වැඩිපුරම කැමති විහාර සිතුවම්කරණයට. සීගිරිය හා පොළොන්නරු තිවංක පිළිමගෙයි සිතුවම් ආභාශය කරගෙන විහාර චිත්‍ර අදින්න ගොඩක්ම කැමතියි.ඒ වගේම තෙල් සායම් මාධ්‍යයෙන් මගෙ ආත්මීය ප්‍රකාශනයන් කැන්වසයට ගේන්නත් රටේ සමාජ දේශපාලනික ගැටලු පිළිබදව ජන විඥානය අවධිකරවන නිර්මාණ වලට යොමු වෙන්නත් කැමතියි.නමුත් අමුද්‍රව්‍ය සහ උපකරණ වල මිල ගණන් ඉතාම ඉහළ මට්ටමක පවතින නිසා සාමාන්‍ය පන්තියේ කෙනෙක් විදිහට මගේ ගමන් මග ඇහිරිලා තියෙනව.

දැන් රටේ චිත්‍ර කලාව සහ විහාර සිතුවම් කලාවට තියෙන්නේ මොන වගේ තත්වයක් ?

වර්තමානයේ අපේ රටේ චිත්‍ර කලාව පවතින්නෙ ඉතාමත් ඛේදනීය තත්වයක.ඒකට බලපාන හේතු සාධක කිහිපයක්ම තියෙනව.එක් කරණයක් තමයි චිත්‍ර කලාවට ඉතාම සීමිත රසික ප්‍රමාණයක් තමයි ඉන්නෙ.ඒකට හේතුව වත්මන් ලාංකීය චිත්‍ර කලාව පොදු ජන ජීවිතය සමග බද්ධවීමෙ ප්‍රමාණය අඩුයි.යටත් විජිත සමයෙ ඇතිවුණ විවිධ සමාජ හා දේශපාලනික අර්බුද වලට ඒ යුගයේ චිත්‍ර ශිල්පීන් ප්‍රතිචාර දැක්වුවා.නමුත් වර්තමානයේ එවැනි දැඩි බලපෑම් කරන ශිලීන් අවමයි. අපි දන්නව යටත්විජිත යුගයෙ ගෙවල් වල එල්ලල තිබුන බ්‍රිතාන්‍ය රැජිනගෙ පින්තූර වෙනුවට බුදු රූප සීවලී රූප ගෙවල් වල එල්ලන්න සැලැස්සුවෙ එම්. සාර්ලිස් ශිල්පියා. ඒ වකවානුවෙ බෞද්ධ සිතුවම් කලාවට නව ජීවයක් දුන්න ඔහු. ඒ වගේම මහනුවර යුගයට අයත් දෙගල්දොරුව විහාරයේ ” මාර පරාජය ” සිතුවම ගැනත් කතා කරන්න පුළුවන් . ඒ ශිල්පියා මාරයන්ගෙ අතට තුවක්කු දීල තියෙනව. එම වකවානුවෙ අපේ මිනිස්සු තුවක්කු දැක්කෙ අපේ රට උදුරගන්න ආපු විදේශිකයන් ලග තියෙද්දි. ඉතින් චිත්‍ර ශිල්පියා සමකාලීන සමාජයට ගැළපෙන විදිහට මාරයා සිතුවම් කරල මිනිසුන්ට සතුරව අදුන්වල දුන්න.නමුත් අද සමාජෙ එහෙම ශිල්පීන් ගොඩක් අඩුයි. ඒකට හේතුව සාමාන්‍ය පන්තියේ ශිල්පීන් ට සිතුවම්කරණයේ යෙදීමට ඇති අපහසුව.චිත්‍ර උපකරණ සහ අමුද්‍රව්‍ය ගොඩක් මිල අධිකයි.බොහෝ දෙනෙකුට එහි වියදම දැරීම අපහසුයි . ඒ නිසාම චිත්‍රයක මිලත් ඉතාම ඉහළ අගයක් ගන්නව. ඉතිං එහෙම වුනාම සාමාන්‍ය පන්තියේ පුද්ගලයෙක්ට චිත්‍රයක් මිලදී ගැනීමට හැකියාවක් ලැබෙන් නෑ. මේ නිසාම චිත්‍ර ශිල්පීන් වාණිජ අරමුණු කරා ඇදෙනව. චිත්‍ර කලාවට පමණක් නෙවෙයි .. අනෙක් සෑම කලාවකම පාහෙ අද වන විට දකින්න ලැබෙන්නෙ මේ තත්වය.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොකක්ද ?

අද රටේ කලාකරුවන්ට රජයෙන් නිසි අනුග්‍රහයක් ලැබෙනව නම් මේ තත්වය මීට වඩා යහපත් ලෙස වෙනස් වෙන්න තිබුන . සහන මිලට අමුද්‍රව්‍ය ගෙන්වන ක්‍රමයක්, වෙළෙඳපොළ ඉල්ලුමක් හදාගන්නට හැකි තත්වයක් ගොඩනැගුව නම් කලාවෙ දියුණුවක් බලාපොරොත්තු වෙන්න තිබුණ. ජාත්‍යන්තරය තුල කලාකරුවෙක්ට තිබෙන ගෞරවය , පිළිගැනීම අපේ රට තුල දකින්න නැත්තෙත් මේ වගෙ කාරණා නිසා. චිත්‍ර කලාව මේ වන විටත් පියවි ඇස ඉක්මවා ගියපු කලාවක්. ඉතිං ඒ ඉක්මවීම තුල තවත් ශයිලීන් සොයාගෙන යන්න මන් උත්සහ කරනව.එකම කලාවක් තුලට හෝ එකම ශයිලියක් තුලට කොටු වෙන්න මන් කැමති නෑ. නමුත් මා විසින් සොයා ගත් නව ශයිලියක් චිත්‍ර කලාවට දායාද කරන්නට ආශාවක් තියෙනව. ඒ වගේම මගෙ රටට, ජාතියට සහ විශේෂයෙන් ම සම්බුද්ධ ශාසනයට මේ කලාව හරහා සේවයක් කිරීම තමයි මගේ ප්‍රාර්ථනය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්