නවතම පුවත්

ලංකාවේ මැදහත් පිළිවෙත රුසියාව ඉහළින්ම අගයයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තරයේ ඇතිවන ගැටලුකාරී අවස්ථාවන් වලදී ශ්‍රී ලංකාවේ මැදිහත් පිලිවෙත ඉහළින් අගය කරන බවත් කොළඹ සිටින රුසියානු තානාපතිවරයා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව ඇතුළු ඇතැම් රටවල අභ්‍යන්තර ගැටළු වලට බටහිර රටවල් සිදු කරන බලපෑම වහා නතර කළ යුතු බවත් කොළඹදී උත්සවයක් අමතමිනි රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පැවසීය.

‘අපි ඉතා අගයනවා ජාත්‍යන්තරය තුළ ඇතිවන ඇතැම් ගැටලුකාරි අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන මැදිහත්භාවයට. ඒ වගේම මානව හිමිකම් කඩකිරීම් වැනි චෝදනා එල්ලවූ අවස්ථාවේදී අපි ඔබ සමග එක්වී සිටියා. ඇතැම් බටහිර රටවල් විසින් අභ්‍යන්තර ප්‍රශ්න සඳහා සිදුකරනු ලැබූ මැදිහත්වීමද අපි දැඩි ලෙස හෙළා දුටුවා.

ශ්‍රී ලංකාව වැනි නිදහස් රාජ්‍යයන් ඇතුළු ඇතැම් රටවල අභ්‍යන්තර ගැටලු සඳහා මැදිහත්වීම එවැන්නක්. මගේ පණිවිඩය වන්නේ වෙනත් රටවල අභ්‍යන්තර ගැටලු සඳහා මැදිහත් වෙන්න එපා. ඔබ රටවල ඇතිවී ඇති ගැටලු සඳහා අවධානය යොමුකරන්න. නැවතත් මම ප්‍රකාශ කරන්න කැමති එවැන්නක් කිසිවිටක අනුමත කරන්න බැහැ’

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්