නවතම පුවත්

ශ්‍රී ලංකාව සුපර්-6 වටයට: වනිඳු වාර්තා අතරට

අසංක

අසංක

අයිසීසී එක්දින ලෝක කුසලාන 2023 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවති තරගය ලකුණු 133 කින් අද ජය ගැනීමත් සුපර් සික්ස් වටයට ශ්‍රී ලංකා කණ්ඩායම අද සුදුසුකම් ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම, B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 06ක් ලබා ගනිමින් ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.

කාසියේ වාසිය දිනු අයර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබීය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49.5 කදී සියලු දෙනා දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 325කි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අද සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත් විය.

දිමුත් හතරේ පහරවල් අටක් ද සමගින් පන්දු 103 කදී ලකුණු 103ක් රැස් කිරීමට සමත් විය.

එමෙන්ම ඔහු පසුගිය එක්දින තරග පහක දී අඛණ්ඩව අර්ධ ශතක හතරක් සහ ශතකයක් වාර්තා කිරීමට සමත් වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 48ක් ව තිබියදී පිට පිට කඩුලු දෙකක් දවා ගනිමින් අයර්ලන්ත පන්දු යවන්නන් දැඩි පීඩනයක් එල්ල කරනු දක්නට ලැබුණි.

ලකුණු 20කදී පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ලකුණු රැස් කර ගැනීමට පෙර ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවු අයර්ලන්ත පන්දු යවන්නන් ක්‍රමයෙන් තරගයට අවතීර්ණ විය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල සඳහා අගනා ලකුණු 168ක සම්බන්ධතාවයක් එක් කිරීමට දිමුත් කරුණාරත්න සහ සධීර සමරවික්‍රම සමත් වූහ.

සදිර, පන්දු 86 කදී හතරේ පහරවල් 4ක් ද සමගින් ලකුණු 82ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර එක්දින තරග පහක් මේ දක්වා ක්‍රීඩා කර ඇත.

අද තරගයේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අයර්ලන්ත පන්දු යවන්නන් ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා පිල සම්පුර්ණයෙන්ම දවා ගැනීමට සමත් වීම විශේෂත්වයක් විය.

අද තරගයේදී ද දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග සිය පන්දුවාර 10 අවසානයේ දී ලකුණු 79 කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

එක්දින තරග තුනකදී පිට පිට කඩුලු 05 බැගින් බිඳ හෙළු පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා ලෙසට ඔහු වාර්තා පොත් අතරට එක්විය.

එමෙන්ම 1990 වසරේ දී පාකිස්ථාන වේග පන්දු ක්‍රීඩක වකාර් යුනිස් නවසීලන්තයට එරෙහිව පැවති එක්දින තරග තුනකදී පිට පිට කඩුලු 5 බැගින් දවා ගනිමින් තබා තිබු වාර්තාව සම කිරීමට වනිදු හසරංග අද සමත් වීමද විශේෂත්වයකි.

එක්දින තරග ඉතිහාසයේ පිට පිට තරග 3කදී කඩුලු 5 බැගින් දවා ගත් ලොව පළමු දඟ පන්දු යවන්නා ලෙස ද ඔහු වාර්තා පොත් අතරට එක් විය.

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ මෙම තරගාවලියේ දී මේ දක්වා තරග තුනකදී කඩුලු 16 ක් දවා ගනිමින් හොඳම පන්දු යවන්නා ලෙස ද වනිදු හසරංග ඉදිරියෙන් පසුවෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්