‘ලංකාවේ මිතුදම පාකිස්තානයට වටිනවා’ – ඉම්රාන් ඛාන්

Picture of අසංක

අසංක


ශ්‍රී ලංකාව සමඟ ඇති සමීප මිත්‍ර සබඳතාවන් පකිස්ථානය ඉහලින්ම අගය කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අවධාරණය කර සිටී.

ද්විපාර්ශවික, කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් අඛණ්ඩව අන්තර්ක්‍රියා කිරීම තුළින් දශක ගණනාවක් තිස්සේ පෝෂණය වූ පාකිස්තානු ශ්‍රී ලංකා සබඳතා ඉදිරියටත් තවදුරටත් ශක්තිමත් වනු ඇති බවද ඉම්රාන් ඛාන් මහතා සඳහන් කර සිටී

ඉස්ලාමාබාද්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උත්සවයකට එක්වෙමින් ඉම්රාන් ඛාන් මහතා මේ බව සඳහන් කර ඇත.

දෙරටෙහි ජනතාව අතර සබඳතා ඉහළයාම ඉතා වැදගත් බවද පකිස්තානු අගමැතිවරයා සඳහන් කර ඇත.