නවතම පුවත්

ලංකාව දැන් කුඩු සහ කසල මධ්‍යස්ථානයක් – පාඨලී කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වාණිජ හා නාවුක කේන්‍ද්‍රස්ථානයක් කරනවා වෙනුවට ලංකාව කුඩු කසළ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරගෙන ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රුපියල් මිලියන 20ක වියදමින් සාලාව යුද හමුදා කඳවුර පිපිරීමෙන් හානි වූ ව්‍යාපාරික ස්ථාන සඳහා ඉදිකළ නව වෙළෙඳ සංකිර්ණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

අපේ රටේ ඉතාම වැදගත් මේ භූගෝලීය පිහිටීම. මේ රටේ වරායවල්වලින් ගුවන්තොටුපලවලින් මේ රට ගොඩයන්න පුළුවන්. නමුත් මොකද වෙලා තියෙන්නේ. එක් පැත්තකින් මත්කුඩු ගේන මධ්‍යස්ථානයක් බවට ලංකාවේ මේ භූගෝලීය පිහිටීම මත්කුඩු ජාවාරම්කාරයා පත් කරගෙන. දැන් ඊළගට මේ ඊයේ පෙරේදා ප‍්‍රශ්නනය, මොකද්ද, ලෝකයේම තියෙන පාවිච්චි කළ පරිහරණය කළ එහෙම නැත්නම් කැලිකසළ හැටියට තිබෙන බඩු භාණ්ඩ ගෙන්වන මධ්‍යස්ථානය බවට මේක පත්වෙලා.

දැන් 2013 පනතක් සම්මත කළා මහින්ද රාජපක්ෂ මහතා. මොකද්ද ඒකෙන් අදහස් කළේ, ලංකාවේ වරාය පද්ධතිය කේන්‍ද්‍රස්ථානයක් කරගෙන විදේශ රටවලින් යම් යම් බඩු ගෙනවිත් නැවත පිටරටට යවන ක‍්‍රමවේදයක් ඇති කළා. දැන් ඒ පනතින් මොකද වෙලා තියෙන්නේ. විදේශ රටවල ඉස්පිරිතාලවල කුණු, විදේශ රටවල තවත් තැන්වල පරිහරණය කරන ලද භාණ්ඩ අතිවිශාල ප‍්‍රමාණයක් ලංකාවට ගෙනවිත් තියෙනවා පසුගිය කාලයේ.

මොකද ඒ රටවල ඒවා කරගෙන යන්න බෑ. අතිවිශාල ධනස්කන්ධයක් ඕනෙ වෙනවා. මේක අපේ රටේ විතරක් වුණු දෙයක් නෙවෙයි. මේ ළඟදී කැනඩාවේ කුණු වගයක් ගෙන ගියා මැලේසියාවට. ඒවා ආපසු හරවා යැව්වා. චීනයට කුණු යැව්වාම චීනය ආපසු හරවා යැව්වා. දැන් අපේ රටටත් ඒ ලේඬේ බෝ වෙලා තියෙනවා. ඉතින් මේවා අපි මතක තියාගන්න ඕනෙ. වාණිජ්‍ය මධ්‍යස්ථානයක්, නාවුක මධ්‍යස්ථානයක්, ගුවන් මධ්‍යස්ථානයක් කරගෙන තිබෙන මේ රට කුඩු මධ්‍යස්ථානයක් එහෙම නැත්නම් කසළ මධ්‍යස්ථානක් බවට පරිවර්තනය කරගෙන තියෙන්නේ අපේ ප‍්‍රතිපත්තියක් නැතිකම. අපට ඍජු වැඩසටහනක් වැඩපිළිවෙලක් නැතිකම නිසා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්