නවතම පුවත්

ලක් රජයෙන් කැනඩාවට විරෝධයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කැනඩා රජය විසින් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකාවෙන් විරෝධතාවයක් පළ කර ඇති බවයි සඳහන් වන්නේ.

අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මෙරට කැනඩා මහකොමසාරිස් වරයාව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවනු ලැබුවේ නිල වශයෙන් කැනඩාවේ තීරණයට විරෝධය පළ කිරීමටයි.

කැනේඩියානු රජය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට තීරණය කර තිබුණා.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා ඇතුළු එම සිව්දෙනාට කැනඩාව තුළ සංක්‍රමණික වීම හෝ සරණාගත රැකවරණ හිමි නොවන බවත්, කැනේඩියානු රජය ඊයේ නිවේදනය කලා.එසේම ඔවුන්ට කැනඩාවත් සමඟ කිසිඳු ගනුදෙනුවක් සිදු කිරීමට ද අවසර හිමි වන්නේ නැහැ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්