නවතම පුවත්

ලෝක ආර්ථිකයේ ගමන තවත් මන්දගාමී වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


ලෝක ආර්ථිකය තවදුරටත් අවපාතයක් කරා ගමන් කරමින් සිටින බවට ලෝක බැංකුව අනතුරු අගවනවා. ලොව ප්‍රබල රටවල ආර්ථික පවා දුර්වල වර්ධනයක් පෙන්නුම් කරන බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

ඊට උදාහරණ ලෙස දක්වා ඇත්තේ අමෙරිකාව, චීනය හා  යුරෝපානු රටවල්. මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධන වේගය සියයට 1 යි දශම 7 ක් පමන වනු ඇතැයි ලෝක බැංකුව අපේක්ෂා කරනවා.

එම අගය මීට පෙර තිබුණේ සියයට 3 ක අගයකයි. යුක්රේන යුද්ධය ලෝකයේ රටවල් රැසක ආර්ථිකයට ඍජු හා වක්‍ර බලපෑම් එල්ල කර ඇති බව ද  ලෝක බැංකුව සඳහන් කළා. එමෙන්ම කොරෝනා වසංගතය ද ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර ඇති බවයි ලෝක බැංකුව පවසන්නේ. 

රුසියාවේ යුක්රේන ආක්‍රමණය ලෝකයට නව වියදම් එක් කර ඇති බවයි  ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් පවසන්නේ. දුප්පත්කම අඩු කිරීම දැනටමත් නතර වී ඇති අතර විදුලිය, පොහොර සඳහා ඇති ප්‍රවේශය අඩුවීමෙන් දුප්පත් ආර්ථිකයන් හිමි රටවල ඉදිරි දැක්ම භයානක බව ද ඔහු පවසනවා.

ආහාර සහ ප්‍රාග්ධනය දිගු කාලයක් ගතවන තුරු සීමාසහිතව පවතිනු ඇති බවයි ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් පෙන්වා දෙන්නේ. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්