නවතම පුවත්

ලන්ඩන්වලින් ඇල්ලූ ලංකාවේ 4දෙනා තහනම් ත්‍රස්ත සංවිධානයක

අසංක

අසංක

තහනම් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් බවට සැකපිට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු ලන්ඩන් ලූටන් ගුවන්තොටුපලේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එංගලන්තයේ නැගෙනහිර කලාපීය විශේෂ මෙහෙයුම් ඒකකයේ ත්‍රස්ත මර්දන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මොවුන් පසුගිය ඉරිදා දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

ත්‍රස්තවාදී පනතේ 11 වන වගන්තිය යටතේ මෙම ලාංකිකයින් අත්ඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.

මොවුන් සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් වන අතර 35 හැවිරිදි කාන්තාවක් ද ඒ අතර වන බව සඳහන් වෙයි.

අනෙක් පුද්ගලයින් තිදෙනා 35හැවිරිදි, 39 හැවිරිදි සහ 41 හැවිරිදි වියේ පසු වන පුද්ගලයින් බව වැඩිදුරටත් සඳහන්ය.

අත්අඩංගුවට ගත් සිව්දෙනාගෙන් කාන්තාව ඇප මුත මුදාහැර ඇති අතර ලබන නොවැම්බර් පළමු සතියේ යළි අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නියෝග කර තිබේ.

අනෙක් පුද්ගලයින් තිදෙනා දකුණු ලන්ඩන් පොලිස් ස්ථානයේ රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්