ලන්ඩන් නුවරට දැඩි සංචරණ සීමා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරට ඊයේ (16) සිට දැඩි සංචරණ  සීමා පැනවීමට එරට රජය කටයුතු යොදා ඇත .
ඒ අනුව ලන්ඩන් නුවර එසෙක්ස් ප්‍රදේශයේ වැඩි කොටසකටත් හර්ට්ෆෝර්ඩ්ෂයර්හි ප්‍රදේශවලටත් මෙම සීමා පැනවේ.
නව ක්‍රියාමාර්ග හේතුවෙන් මිලියන 34කට ආසන්න ජනතාවකට දැඩි සීමාවලට මුහුණ දීමට සිදු වන අතර ඊට එරෙහිව මේ වනවිට  ඇතැම් පිරිස් රටතුල   විරෝධතා ව්‍යාපාර ආරම්භ කර ඇති බවද වාර්තාවේ
‘මෙම නව සීමා අනුව බීමහල් සහ අවන්හල්වල් විවෘතව තැබිය හැකි වුවද ඒවායේ නැවතී ආහාර ගත නොහැකි අතර ආහාර රැගෙන යෑම සහ බෙදාහැරීම කළ හැකි ය.
නව සීමාවලට අනුව ක්‍රීඩාංගන සහ ගෘහස්ථ ක්‍රීඩාංගන පැවැත්වෙන ඉසව් නැරැඹීමට ප්‍රේක්ෂකයන්ට නොහැකි අතර නාට්‍ය හා රංගශාලා මෙන්ම සිනමා ශාලා ද වසා දැමිය යුතු ය.