නවතම පුවත්

ලබන අයවැයෙන් දුම්වැටි බදු වැඩිකරන්නැයි ඉල්ලීමක්

අසංක

අසංක

2021 වසර සඳහා වන අයවැය ලේඛනයෙන් සෑම සිගරට් වර්ගයක් සඳහාම බදු වැඩි කරන ලෙස මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) රජයෙන් ඉල්ලා සිටී.

සිගරට් සඳහා විවිධ බදු අය නොකර සෑම සිගරට් වර්ගයක් සඳහාම ‍පොදුවේ බදු වැඩි කරන ලෙස මෙහිදී මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධයස්ථානය රජයෙන් ලිඛිතව ඉල්ලා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ලෝක බැංකුව නිකුත් කර ඇති දුම්කොළ බදුකරණ නිර්දේශ ශ්‍රී ලංකාවට බලනොපාන හෙයින් දුම්කොළ සඳහා දිනකට රුපියල් මිලියන 400ක් වැය කරනු ලබන බවත් එය වාර්ෂිකව රුපියල් බිලියන 145 ඉක්මවන බවත් මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කර ඇත .

එහෙයින් ඵලදායි දුම්කොළ බදු ප්‍රතිපත්තියක් දියත් කළහොත් 2023 වසර වනවිට බිලයන 3 සිට බිලියනය දක්වා එම වැය අඩුකරගත හැකි වන බවයි එම මධ්‍යස්ථානය පෙන්වාදෙන්නේ.

දිනකට සිගරට් භාවිතය නිසා ශ්‍රී ලාංකිකයන් 55ක් අකල් මරණයට පත් වෙන බව සඳහන් කරන එම මධ්‍යස්ථානය වාර්ෂිකව සිගරට් භාවිතය නිසා පුද්ගල මරණ 20000ක් පමණ අකල් මරණයන්ට ගොදුරු වන බවද වැඩිදුරටත් පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්