නවතම පුවත්

සේවයට නොඑන අයටත් වැටුපෙන් අඩක් ගෙවන ගිවිසුම තවදුරටත්

අසංක

අසංක

කොරෝනා වසංගතයට අදාළ සීමා කිරීම් යටතේ සේවයට නොපැමිණෙන පෞද්ගලික අංශ සේවකයන් සඳහා වැටුපෙන් 50% හෝ රු.14,500 යන දෙකෙන් වැඩි මුදල ගෙවීමේ ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගත යුතු බව කම්කරු අමාත්‍යංශයේ ස්ථාපිත කොවිඩ් 19 ත්‍රෛපාර්ශවික කාර්ය සාධක බලකාය තීරණය කර ඇත.

කොරෝනා තත්ත්වය තුළ පෞද්ගලික අංශයේ රැකියා සඳහා සේවකයන්ට වාර්තා කිරීමට නොහැකිවීම සහ එම ආයතනවලට බලපා ඇති මූල්‍යමය අර්බුද තත්ත්වයන් හේතුවෙන් එම සේවකයන්ට වැටුප් හා දීමනා ගෙවීම පිළිබඳ මීට පෙර මෙම කමිටුව විසින් ගනු ලැබූ තීරණ අනුව ගෙන ඇති ක්‍රියාමාර්ග සහ සේවකයන්ට ලබාදෙන සහනයන් තවදුරටත් පවත්වා ගෙන යාම පිළිබඳ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ එම කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමෙ දි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

සංචාරක ව්‍යාපාරය සඳහා 50% වැටුප් ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යාමටත්,පෞද්ගලික අංශයේ සෙසු ක්ෂේත්‍ර සඳහා පූර්ණ වැටුප් ගෙවීමට හාම්පුතුන් දක්වන ලද එකඟතාවය ඒ ආකාරයෙන්ම පවත් ගෙන යා යුතු බවත්,යම් හෙයිකින් වෙනස් වන කෝවිඩ් තත්වයන් තුළ යම් ආයතනයක හෝ කර්මාන්ත ශාලාවක නිෂ්පාදන ක්‍රියාවලිය බිදවැටීමේ තත්ත්වයක් හෝ යම් වැඩකරන පිරිසක් සේවයට වාර්තා නොකරන්නේ නම් ඔවුන් සඳහා පමණක් 50% වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කළ හැකි බවත් මෙහිදී තීරනය වී ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්