නවතම පුවත්

ලබන වසරේදී කොරෝනා මරණ අඩුවේවි

අසංක

අසංක

දැනට ලොව පුරා පවතින කොවිඞ් මරණ අනුපාතය ලබන වසරේ මැද භාගය වනවිට සියයට 30 කින් පහත බසිනු ඇති බව අමෙරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් ආයතනය, සිදු කළ පර්යේෂණ කිහිපයකින් එම කරුණු අනාවරණ වී ඇත.

රෝගීන් රැකබලාගැනීම සදහා වඩා සාර්ථක ක‍්‍රම භාවිතය, ඔක්සිජන් ආධාරක භාවිතය සහ වැඩිදියුණු කළ වෛද්‍ය ප‍්‍රතිකාර හේතුවෙන්, එලෙස කොවිඞ් මරණ අනුපාතය පහළ බසිනු ඇති බව එම පර්යේෂකයින් පෙන්වා දී තිබෙනවා.

මේ වනවිට ද අමෙරිකාවේ කොවිඞ් මරණ අනුපාතය අඩුවෙමින් පවතින බව වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කි‍්‍රස්ටෝපර් මරේ ප‍්‍රකාශ කර ඇත.

ඔහු පවසන්නේ වසංගත ව්‍යාප්තිය ආරම්භයේදී සියයට බින්දුවයි දශම 9 ක් ලෙස පැවති අමෙරිකාවේ කොවිඞ් මරණ අනුපාතය මේ වනවිට සියයට බින්දුවයි දශම 6 ක් දක්වා අඩුවී ඇති බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්