නවතම පුවත්

ලබන වසරේදී පාසල් විභාග පැවැත්වෙන දිනයන් මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2021 වර්ෂයේ දී පැවැත්වීමට තිබු විභාගයන් පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්  ප්‍රකාශයට පත්කර තිබේ.

විභාග සඳහා පෙනී සිටිමට නියමිත 5 ශ්‍රේණිය, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට පාසල් විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදී එම දිනයන් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාගයන් සඳහා සංශෝධිත කාලසටහනක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට අනුමැතිය හිමිව තිබේ.

විභාග කාල සටහන පහතින් දැක්වේ.

*5 ශ්‍රේණිය ශිෂත්ව විභාගය – 2022 ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වේ.

*අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි මස 7 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා පැවැත්වේ.

*අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි මස 23 සඳුදා දින සිට 2022 ජූනි 01 වන බදාදා දක්වා පැවැත්වේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 6 ක පමණ කාලයක් වසා දැමුණු පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය 21 වනදා සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරුණි.

නොවැම්බර් මස 8 වන දින සිට දිවයිනේ සියලුම පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට නියමිතය.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි