නවතම පුවත්

සිරිල් ගාමිණි පියතුමාගෙන් FR පෙත්සමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ)

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමාව අත්අඩංගුවට ගැනීමට දරන උත්සහය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණි පියතුමා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය.

එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනයක ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවභාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සාලේ, කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ නීතිපතිවරයා නම් කර ඇත.

පාස්කූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරිම සඳහා පසුගිය 23 වෙනිදා සුම් තාක්ෂණය ඔස්සේ පැවැත් වූ සාකච්ඡාවදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලෙයි මහතා පසුගිය 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරනු ලැබුවේ සිරිල් ගාමිණි පියතුමන්ට එරෙහිවය. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට සිරිල් ගාමිණි පියතුමන් ඉකුත් සතියේ කැදවනු ලැබූ අතර උන්වහන්සේ එම කැදවීමට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැත.

ඒ අනුව නැවතත් තමන් වහන්සේට හෙට (03) පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් සිදුකර ඇති බව උන්වහන්සේ පෙන්වා දෙති.

තමන් වහන්සේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදවල් සිදුකර ඇති බවට චෝදනා කරමින් විමර්ශන සිදුකරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සිරිල් ගාමිණි පියතුමා සිය පෙත්සමෙන් කියා සිටී.

ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු තමාව අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති බව සිරිල් ගාමිණි පියතුමා ගොනු කළ පෙත්සමේ සඳහන් ය.

සිය පෙත්සම හෙට දිනයේදී කැඳවීමට දින නියම කරන ලෙසත්, පෙත්සම් විභාගය අවසන් වන තුරු තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු බලධාරින්ට නිකුත් කරන ලෙසත් සිරිල් ගාමිණී පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි