ලබන සතියේ සිට පාන් ගෙඩියත් නගී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින්  වැඩි කිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව එම සංගමය පෙන්වා දෙයි.

ඉන්ධන මිල පසුගියදා ඉහළ දැමීම නිසා පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5-10ත් අතර මිලකින් මීට පෙර ඉහළ දැමිණ.