බස් රථ ධාවනය ලබන අඟහරුවාදා සිට සියයට 50කින් අඩු කිරීමට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
එම තීරණයට අනුව ඇතැම් මාර්ගවල සංඛ්‍යාත්මකව බස් රථ ධාවනය 50%කින් අඩු කිරීමට කටයුතු කරන අතර ඇතැම් මාර්ගවල ධාවනය වන වාර ගණන 50%කින් අඩුකිරීමට කටයුතු කරන බවත් එම සංගමය සඳහන් කර ඇත.
බස් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා සහනාධාරායක් ලබාදීමට හෝ ගාස්තු ඉහල දැමීමට අවසර දෙන තුරු මෙම ක්‍රියාමාර්ගය නොනවත්වන බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කර ඇත.